Please turn JavaScript on
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala icon

Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala

Is this your feed? Claim it!

Publisher:  Unclaimed!
Message frequency:  18.32 / day

Message History

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

සිරියානු අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇත.

ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ වසර 14ක සිවිල් යුද්ධයේදී සිදුවූ යුද අපරාධ ...


Read full story

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.


Read full story

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන 3ක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් එක් වාහනයක් පෙරළීමට ලක්ව ඇති අතර, දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.


Read full story

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසා සිටියේ, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවය.


Read full story

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 587ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (10) දිනයේදී පුද්ගලයින් 27,773ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සැකක...


Read full story